Stranger Things Season 3: එක් ගිම්හානයකින් සියල්ල වෙනස් වේවි! (One Summer Can Change Everything)
කතාව ගැන පොඩ්ඩක් (Plot Summary)
කාලය 1985 ගිම්හානයයි. හෝකින්ස් නගරයේ අලුතින්ම හදපු Starcourt Mall එක තමයි දැන් හැමෝගෙම ආකර්ෂණය දිනාගත්තු තැන. මයික්, ඉලෙවන් සහ යාළුවො දැන් නව යොවුන් වියට ඇවිත්. ඒත් එයාලට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නෑ. පරණ හතුරෙක් අලුත් මුහුණුවරකින් හෝකින්ස් වලට ඇවිත් ඉන්නවා විතරක් නෙවෙයි, රුසියානුවන් පිරිසකුත් රහසිගත මෙහෙයුමක් දියත් කරනවා.
🔥 මේ සීසන් එකේ විශේෂත්වයන්:
- The Mind Flayer Returns: ගේට්ටුව වැහුවට පස්සෙත් Mind Flayer ගේ කොටසක් හෝකින්ස් වල ඉතුරු වුණාද? බිලී (Billy) ගේ හැසිරීම අමුතු වෙන්නේ ඇයි?
- Scoops Troop: ස්ටීව් (Steve) එක්ක එකතු වෙන ඩස්ටින් (Dustin), රොබින් (Robin) සහ එරිකා (Erica) රුසියානු රහස් හොයන මෙහෙයුම තමයි මේකෙ තියෙන ආතල්ම කොටස.
- Starcourt Mall: මුළු සීසන් එකම දුවන්නේ මේ අලුත් ෂොපින් මෝල් එක වටා. 80 දශකයේ නියමම vibe එක මෙතනින් බලාගන්න පුළුවන්.
- Hopper & Joyce: හොපර් සහ ජොයිස් අතර තියෙන සම්බන්ධය සහ එයාලගේ විමර්ශන කටයුතු ගොඩක් කුතුහලය දනවනවා.
🤔 ඇයි මේක බලන්න ඕනේ?
Season 3 කියන්නේ Stranger Things වල වර්ණවත්ම සහ වේගවත්ම සීසන් එක කිව්වොත් හරි. Action, Horror, Comedy සහ Romance ඔක්කොම එකට කැටි වුනු සුපිරිම කතාවක්. විශේෂයෙන්ම අන්තිම එපිසෝඩ් එකේ එන "Battle of Starcourt" එක ඔයාට කවදාවත් අමතක වෙන එකක් නෑ.